කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්

රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණූ MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රජයේ පොහොර සංස්ථාව (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) මේ වනවිට සිදු කෙරෙමින් පවති. පොල් වගාකරුවන් වෙත සහන මිලට AMP පොල් පොහොර ලබාදීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් අද (20) දින රජයේ පොහොර සංස්ථාවේ දි අත්සන් කරන ලදි. මෙහිදි ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් සහ පොල් වගා කිරිමේ මණ්ඩලය අතර මෙම ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.
ඉන් අනතුරුව ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් සහ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් මෙම පොහොර ඇසුරුම්හා නිෂ්පාදන යාන්ත්‍රනය පිළිබඳව අප වෙත ඉදිරිපත් කෙරු අතර මෙම මිශ්‍රිත පොහොර පොල් වගා කරුවන් වෙත බෙදාහැරිමේ යාන්ත්‍රනය පිළිබඳව ද එම අවස්ථාවේදි සාකච්ඡා සිදු කරන ලදි. අවසානයේ එම මිශ්‍රිත පොහොර ගබඩාකර ඇති ගබඩා සංකීර්ණ වෙත නිරික්ෂන චාරිකාවක්ද සිදු කරන ලදි.
වෙළෙඳපල රුපියල් 9,000 ක් වන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 4000ක් වැනි සහන මිලකට ලබා දීමට මෙම මස අවසන් සතිය තුල සියලු කටයුතු සුදානම් කරමින් පවති. මෙහිදි පොල් වගාකරුවන් 330,000 කට මෙමගින් ප්‍රතිලාභ හිමිවේ.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අතිරේක ලේකම් (පොල්) විජේකීර්ති මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරින්ද, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා හා සාමාන්‍යාධිකාරිතුමා, ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් හි සභාපති සේතුගේ මහතා ඇතුලු කළමණාකාරීත්වය මෙම අවස්ථාවට සම්බන්ද විය.

108 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »