-පාර්ලිමේන්තුව අප්‍රේල් 8,9 සහ 10 රැස්වීමටත් තීරණය කෙරේ
–බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව දෙදින විවාදය අප්‍රේල් 10 ඇරඹේ
————————–
දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 වැනිදා, අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව ප.ව 6.00 සිට8.00 දක්වාපැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ(15) පැවතිපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
එසේම පාර්ලිමේන්තුව අප්‍රේල් මස 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට ද මෙහිදී තීරණය වී තිබේ. මේ අනුව අප්‍රේල් 8 වැනි අගහරුවාදාපෙ.ව 9.30 – පෙ.ව. 10.00කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව ප.ව 5.30 දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.
අප්‍රේල් 9 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇත.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.
අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.
ඌපුටා ගැනීම -පාර්ලිමේන්තු ෆේස්බුක් ගිණුම – https://web.facebook.com/share/p/1AFAXxQpKN/

