අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි- ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි.
මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

128 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »