Monthly Archives: March 2025

මඩකළපුව ශික්ෂණ රෝහලේ මහජන සම්බන්ධතා සහ තොරතුරු කේන්ද්‍රය විවෘත කෙරේ

මඩකළපුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට, එම දුක් ගැනවිලි වලට ක්ෂණික විසදුම් ලබාදීමට සහ රෝහල් මෙහෙයුම් සම්බන්ධයෙන් රෝගීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ආධාර උපකාර සැපයීම අරමුණු කරගෙන රෝහලේ පරිපාලන කාර්යාල ගොඩනැගිල්ලේ අළුතින් ස්ථාපිත කරන ලද මහජන සම්බන්ධතා සහ තොරතුරු කේන්ද්‍රය (Public Relation and Information Center) පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින් විවෘත […]

මෙවර වාරි කර්මාන්තයට වෙන් කර ඇති මුදල් ඵලදායී ලෙස යොදන්න – ජනාධිපති

ඉදිරි මාස 8 තුළ වාරිමාර්ග සංවර්ධනය සඳහා වෙන් කෙරෙන ප්‍රදානයන් පූර්ණ හා ඵලදායී ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය. මෙරට වාරි පද්ධතියේ සංවර්ධනයට ගතයුතු ඉදිරි පියවර සහ වාරි කර්මාන්තය සඳහා මේ වසරේ වෙන්කර ඇති ප්‍රදානයන් යෙදවීම පිළිබඳව අද (06) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය. ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් […]

වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, […]

යල කන්නයේ හිඟයකින් තොරව පොහොර ලබා දීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව […]

ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. […]

අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි- ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා […]

NPP මන්ත්‍රීවරයාට එරෙහිව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් දයාසිරි සමාව ඉල්ලයි

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් නිසා ඇති වූ සිත් වේදනාවක් සම්බන්ධයෙන් NPP පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු ආබාධිත ප්‍රජාවගෙන් සමාව අයැද සිටියේය. “සුගත් ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මට දැඩි විවේචන එල්ල වුණා. මම මන්ත්‍රීවරයාට හෝ ආබාධිත පුද්ගලයන්ට අපහාස කිරීමට අදහස් කළේ […]

මන්ත්‍රීවරයෙකු අපහාස කරමින් වෛරය, ප්‍රචණ්ඩත්වය අවුස්සනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත

ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමන් සම්බන්ධයෙන් පසුගියදා ප්‍රසිද්ධියේ අවමන් සහගත ප්‍රකාශ කළ එක්තරා නීතීඥයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකු වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන බවයි. ශ්‍රී ලංකාවට බලපාන “අවුරුදු 76ක ශාපයක්” කතා කරමින් වෛරය පතුරවන බවට එක්තරා මන්ත්‍රීවරයෙකු පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් […]

2025 මාර්තු මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය

2025 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. […]

පළාත් පාලන ඡන්දයට පක්ෂ 03ක් ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප බඳියි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 03කින් සහ ස්වාධීන කණ්ඩායම් 19ක්ද ඊයේ(05) වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර හා අම්පාර යන දිස්ත්‍රික්ක වෙනුවෙන් බවද පැවසේ. අදාල ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම පසුගිය (03) වැනිදා ආරම්භ […]

Translate »