අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බවත්, ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවට පත් වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරිය මේ […]
Author Archives: srilankangate_uh4c1k
මඩකළපුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට, එම දුක් ගැනවිලි වලට ක්ෂණික විසදුම් ලබාදීමට සහ රෝහල් මෙහෙයුම් සම්බන්ධයෙන් රෝගීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ආධාර උපකාර සැපයීම අරමුණු කරගෙන රෝහලේ පරිපාලන කාර්යාල ගොඩනැගිල්ලේ අළුතින් ස්ථාපිත කරන ලද මහජන සම්බන්ධතා සහ තොරතුරු කේන්ද්‍රය (Public Relation and Information Center) පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින් විවෘත […]
ඉදිරි මාස 8 තුළ වාරිමාර්ග සංවර්ධනය සඳහා වෙන් කෙරෙන ප්‍රදානයන් පූර්ණ හා ඵලදායී ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය. මෙරට වාරි පද්ධතියේ සංවර්ධනයට ගතයුතු ඉදිරි පියවර සහ වාරි කර්මාන්තය සඳහා මේ වසරේ වෙන්කර ඇති ප්‍රදානයන් යෙදවීම පිළිබඳව අද (06) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය. ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් […]
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, […]
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා […]
SJB පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් නිසා ඇති වූ සිත් වේදනාවක් සම්බන්ධයෙන් NPP පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු ආබාධිත ප්‍රජාවගෙන් සමාව අයැද සිටියේය. “සුගත් ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මට දැඩි විවේචන එල්ල වුණා. මම මන්ත්‍රීවරයාට හෝ ආබාධිත පුද්ගලයන්ට අපහාස කිරීමට අදහස් කළේ […]
ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමන් සම්බන්ධයෙන් පසුගියදා ප්‍රසිද්ධියේ අවමන් සහගත ප්‍රකාශ කළ එක්තරා නීතීඥයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකු වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන බවයි. ශ්‍රී ලංකාවට බලපාන “අවුරුදු 76ක ශාපයක්” කතා කරමින් වෛරය පතුරවන බවට එක්තරා මන්ත්‍රීවරයෙකු පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් […]
2025 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. […]










